Monday, October 28, 2024
Follow Us
IMF නියෝජිතයින් කණ්ඩායමක් තවත් සති දෙකකින් දිවයිනට

ජූලි මාසයේ උද්ධමනය සියයට 60 යි දශම 08 ක් දක්වා ඉහල ගියද, එම තත්ත්වය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී කේ ජී හරිස්චන්ද්‍ර නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ මහ බැංකුව ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් හේතුවෙන් ලබන වසර වනවිට මෙරට උද්ධමනය පහල යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේවනවිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාවේ යම් වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ලබන වසරේදී රටේ ආර්ථික කටයුතුවල යම් වර්ධනයක් වෙතැයි විශ්වාස කෙරෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා යලි ආරම්භ කළ බවත්, තවත් සති දෙකකින් එහි නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී කේ ජී හරිස්චන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කළා.

Neth