Monday, October 28, 2024
Follow Us
හම්බන්තොටට එන චීන නැවක් නිසා ඉන්දියාව රත් වෙයි

හම්බන්තොට වරායට ලගාවීමට නියමිත චීන නෞකාවක් සම්බන්ධයෙන් මේවනවිට මතභේදකාරී තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ, එම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමු වීමත් සමගයි.

අදාළ නෞකාව හම්බන්තොට වරායට ලගාවීම සම්බන්ධයෙන් සිය රට දැඩි අවධානයකින් පසුවන බවයි ඉන්දියාව පවසන්නේ. එමෙන්ම සිය රටේ ආරක්ෂක තත්ත්වය මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ආරක්ෂා කරන බව ද ඉන්දියාව අවධාරණය කර තිබෙනවා.

මතභේදයට තුඩුදී ඇති අදාළ නෞකාව චීනයට අයත් යුවාන් වැන්ග් 5 නම් නෞකාවක්. එය ඉකුත් 13 වනදා චීනයේ ජියැන්යින් වරායෙන් පිටත්ව ඇති අතර මේවනවිට තායිවානය ද පසුකර නැගෙනහිර චීන මුහුදේ යාත්‍රා කරමින් තිබෙනවා. එය ලබන 11 වනදා හම්බන්තොට වරායට ලගාවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Neth