Monday, October 28, 2024
Follow Us
ශ්‍රී ලංකාව අමාරුවේ දැම්මේ චීනයයි - ඇමරිකාව ඉන්දියාවේදී කියයි

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය විසින් විනිවිද භාවයකින් තොරව ණය ලබාදීම, ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් අර්බුදය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් පවසනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දේශනයක් පවත්වමින්.

ඇය පවසන්නේ ඉකුත් දශක දෙක තුළ චීනය, ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා බවට පත් වූ බවයි. ණය ලබා දෙන සෙසු ආයතන හා රටවලට වඩා වැඩි පොලී අනුපාත යටතේ බොහෝ විට විනිවිද නොපෙනෙන ණය ගනුදෙනු චීනය විසින් ලබා දී ඇති බවයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් පවසන්නේ. චීනය විසින් සෙසු ද්විපාර්ශ්වික ණයහිමියන් මෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්ද යන්න මේ වන විට ඇති ප්‍රධාන ගැටලුව බවද ඇය මෙහිදී පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථාවට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව ලබාදුන් කඩිනම් සහන ක්‍රියාමාර්ගය පැසසුමට ලක් කරන බවයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් පවසන්නේ.

Neth