Monday, October 28, 2024
Follow Us
ගෝඨාභයගේ වීසා කාලය තවත් දීර්ඝ කෙරේ

සිංගප්පූරු රජය දුන් අවසරය


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබු තාවකාලික අවසර පත්‍රය තවත් දින 14 කට දීර්ඝ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඒ අනුව ගෝස්තු 11 වනදා දක්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට එරට රැඳී සිටීමට අවසර ලැබෙනු ඇත.

පසුගිය ජුලි මස 14 වනදා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් යානයකින් හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුව වෙත පැමිණ තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ නුදුරේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

Aruna