Monday, October 28, 2024
Follow Us
ජනපති චීනයට

ක්ෂේත්‍ර රැසකට උපකාර ලබාගැනී‌මේ බලාපොරොත්තුවක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ විශේෂ සංචාරයකට සූදානම් වේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පෙන්වා දී ඇත්තේ වෙළෙඳ, ආයෝජන හා සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපකාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ චීනයට අමුත්තකු නොවන බවත් ඔහු 2016 අගමැතිවරයා ලෙස බීජිංහි සංචාරය කළ අවස්ථාවේ චීන ජනපති ෂී ජිං පින් වෙත අතට අත දෙන අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ එල්ලා තබා ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි. චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නව ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද තානාපති කොහොන රොයිටර් වෙත පවසා තිබේ. එසේම ශ්‍රී ලංකා ආර්ථිකයේ යතුර චීනය බවද තානාපතිවරයා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ කළු තේ, නිල් මැණික්, කුළු බඩු සහ ඇඟලුම් වැඩි වැඩියෙන් මිලදී ගන්නා ලෙසත් චීන ආනයන නීති වඩාත් සරල කරන ලෙසත් චීනයෙන් ඉල්ලා සිටින බවද තානාපති කොහොන සිය සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Aruna