රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභ පැතුම් පණිවිඩයක් යොමු කර තිබෙනවා. එම සුබපැතුම් පණිවිඩය මගින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සාම්ප්‍රදායික හා මිත්‍රශීලී සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
දෙරටේ ජනතාවට ඵලදායී වන විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද රුසියානු ජනාධිපතිවරයා යොමු කළ සුභ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.
Neth