එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පුරෝකථනයක්
ලබන නොවැම්බර් මස 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරයි.
2030 වසර වනවිට එය බිලියන 8.5ක් වනු ඇති බව එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
උපතේදී ආයු අපේක්ෂාව ඉහළ යාම සහ මරණ අනුපාතය අඩුවීම මීට හේතුවක් වන බව එහි සඳහන්වේ.
ඉදිරියේ දී මරණ අනුපාතය තවදුරටත් අඩුවෙමින් 2050 වසරේ දී සාමාන්‍ය ආයු කාලය වසර 77ක් දක්වා ඉහළ යනු ඇති බවයි ඔවුන් නිකුත් කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Aruna