ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට සුභ පණිවුඩයක්
සහන වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ශ්‍රී ලංකාවේ මහජනතාව මුහුණදී ඇති අර්බුදය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් සිටින බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා පැවසුවේය.
මේ වනවිට දෙපාර්ශ්වය අතර සහන පැකේජය සම්බන්ධයෙන් තාක්ෂණික සාකච්ඡා පවත්වා ඇති අතර ජෝජිවා පැවසුවේ එම සාකච්ඡාවල ප්‍රතිඵල අනුව එම වැඩසටහන කඩිනමින් නිමකළ හැකි වෙතැයි අපේක්ෂා කරන බවය.
රටේ පාලනයට පත්වන පාර්ශ්වයට සහාය ඇත්නම් තම නියෝජිතයින් ඔවුන් සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ජෝජිවා වැඩිදුරටත් පැවසුවේය.
Aruna