Monday, October 28, 2024
Follow Us
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන පැහැදිලි කිරීමක්


ශ්‍රී ලංකාවේ අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දියාව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ජූලි 19 වැනිදා එම සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මේ සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂිතයි.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මෙම සර්වපාක්ෂික රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදුකිරීමට නියමිතව ඇත.

Aruna