Monday, October 28, 2024
Follow Us
ආසියානු කුසලානය ශ්‍රී ලංකාවෙන් විසිවෙයි ?

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවසන් තීරණය 22 වැනිදා


ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියද වෙනත් රටකදී පැවැත්වෙන ලකුණු පළවී තිබේ.

ඒ අනුව බොහෝ දුරට ලබන අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා කාලය තුළ ඩුබායි සහ සාජා යන ක්‍රීඩාංගණවලදී එම තරගාවලිය පැවැත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ සම්බන්ධ අවසාන තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ලබන 22 වනදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පසුගිය සතිය වනතෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කලේ ආසියානු කුසලානය සැළසුම් කල පරිදිම ශ්‍රී ලංකාවේදී පවත්වන බවයි.

Aruna