Monday, October 28, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ අර්බුද ගැන යුක්රේනයෙන් රුසියාවට දොස්

ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් යුක්රේනය රුසියාවට දොස් නගා තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසා ඇත්තේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ලොව පුරා රටවල් රැසකට බලපැම් එල්ල කර ඇති බව හා ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයට ද එය එක් හේතුවක් බවයි.

යුක්රේන ආක්‍රමණය හමුවේ ලොව පුරා ආහාර අර්බුදයක් නිර්මාණය වූ බවත් එය රටවල් රැසක නොසන්සුන්තාවලට බලපා ඇති බවත් යුක්රේනය චෝදනා කළා. යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව භාවිතා කර ඇති එක් උපක්‍රමයක් වන්නේ “ආර්ථික කම්පනයක්” ඇති කිරීම බවයි යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කළේ.

පවතින අර්බුදය සහ සැපයුම් දාමයේ කඩාකප්පල් වීම හේතුවෙන් රටවල් රැසක් ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති අතර, ශ්‍රී ලංකාවට ද එහි බලපෑම් එල්ල වී ඇති බවත් එය රුසියාවේ න්‍යාය පත්‍රයේ ප්‍රතිපලයක් බවත් යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් චෝදනා කළා.

Neth