Monday, October 28, 2024
Follow Us
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂට දිවයිනෙන් පිටවීම සඳහා ඉන්දියාව පහසුකම් සැලසූ බවට පළවන පදනම් විරහිත සහ කාල්පනික මාධ්‍ය වාර්තා මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.

සෞභාග්‍යය සහ ප්‍රගතිය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ වටිනාකම්, ස්ථාපිත ආයතනයන් සහ ව්‍යවස්ථාමය රාමුව හරහා තම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ප්‍රයත්න දරන ශ්‍රී ලාංකික ජනතාවට තවදුරටත් සහයෝගය ලබා දෙන බවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

Neth