Monday, October 28, 2024
Follow Us
ලෝක උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පියවරක් පහතට

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උද්ධමන දර්ශකයට අනුව ලොව වැඩිම උද්ධමනයක් සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසු බැස තිබෙනවා. ඊයේ නිකුත් කෙරුණු එම දර්ශකයේ නවතම වාර්තාවලට අනුව ලොව වැඩිම උද්ධමනවක් පවතින රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.

ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටිව් හෑන්ක්ගේ ගණනය කිරීම් අනුව පසුගිය ජුනි මාසයේ මෙරට උද්ධමන අගය සියයට 113ක්. කෙසේ වෙතත් ඉකුත් ජුනි මාසයට අදාලව මෙරට නිල ආයතන මගින් ප්‍රකාශයට පත්කළ උද්ධමන අගය සියයට 54යි දශම 06යි බින්දුවක් වනවා.

එම වාර්තාවලට අනුව ලොව වැඩිම උද්ධමනයක් වාර්තාවන රටවල් අතර තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ සිම්බාබ්බේ රාජ්‍යයයි. මහාචාර්ය ස්ටිව් හෑන්ක්ගේ ගණනය කිරීම් වලට අනුව එරට උද්ධමන අනුව සියයට 472ක් ලෙයසි දැක්වෙන්නේ. තුර්කිය එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉකුත් ජුනි මාසයේදී සියයට 116ක උද්ධමන අගයක් වාර්තා කරමින්.

මාසිකව නිකුත් කරනු ලබන ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටිව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකය ලොව ප්‍රධානතම ආර්ථික විශ්ලේෂණ නිර්නායකයක් ලෙසයි සැලකෙන්නේ.

Neth