Monday, October 28, 2024
Follow Us
ගුවන් ටිකට්පත් ගාස්තු ඉහළට

ලොව පුරා ගුවන් ගමන් අවලංගු කිරීම් ඉහළයයි


ගෝලීය ඉන්ධන මිල ඉහළයාමත් සමග ගුවන් ටිකට්පත් ගාස්තු සැළකිය යුතු අගයකින් ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය අනතුරු අගවයි.

යුක්රේන – රුසියා අර්බුදය අවසන් නොවීමද ඊට තවත් හේතුවක් බව සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් විලී වොල්ෂ් පෙන්වා දෙයි.

තවත් මාස කිහිපයකින් උතුරු අර්ධ ගෝලයට ශීත සෘතුව එළැඹීමත් සමග ගුවන් ටිකට්පත් ගාස්තු කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇති බව ඔහු සඳහන් කරයි.

මේ අතර ලොව පුරා රටවල් ගණනාවක ගුවන් තොටුපළවල සිදු කෙරෙන ගුවන් ගමන් අවලංගු කිරීම් ඉහළ යනු ඇති බවද විලී වොල්ෂ් අනාවැකි පළකරයි.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන සපයා ගැනීමට නොහැකිවීම ඊට හේතුව ලෙසයි ඔහු පෙන්වා දෙයි.

Aruna