Monday, October 28, 2024
Follow Us
ඉන්දියන් හමුදාව ලංකාවට ? මහ කොමසාරිස් කාර්යලයෙන් විශේෂ දැනුම් දීමක්

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ සමාජ මාධ්‍යවල පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

එම වාර්තා සහ එවැනි අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට නොගැලපෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම, සාරධර්ම සහ ව්‍යාවස්ථාමය රාමුව හරහා තම අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට උත්සහ දරණ ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ඉන්දියාව නිරන්තරයෙන්ම රැදී සිටින බවද එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂයේ ජේ්‍යෂ්ඨ නායකයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව අවශ්‍ය නම් ඉන්දීය හමුදා පිටත් කර යවන ලෙස තමන් ඉන්දීය රජයට යෝජනා කරන බවයි.

NEth