Monday, October 28, 2024
Follow Us
යුරෝපා සංගමයෙන් ලංකාවට නිවේදනයක්

දේශපාලන නායකයින්ගේ වගකීම ගැන පැහදිලි කිරීමක්


මෙරට සියලු දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී බල හුවමාරුවකට අවධානය යොමු කළ යුතු බවත්, ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ මෙරට උද්ගතව ඇති තත්වයට විසඳුමක් ලබාදීමට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්වයට පත් කිරීම සියලු දේශපාලන නායකයින්ගේ වගකීමක් බවයි.

මෙරට ජනතාව ලබාදෙන සහය ඉහළ දැමීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සොයාබලමින් සිටින බවද යුරෝපා සංගමය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වනවා.

Aruna