Monday, October 28, 2024
Follow Us
බ්‍රිතාන්‍යය අගමැති පක්ෂ නායකත්වය අත්හරී

කලක පටන් පැවති දේශපාලන අර්බුද හා විරෝධතා මධ්‍යයේ ධූරයේ රැදී සිටීමට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැරූ උත්සහය අද අසාර්ථක වුණා.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමටයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද තීරණය කළේ. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය නිල නිවස වන නම්බර් ටෙන් පරිශ්‍රය ඉදිරිපිට සිට අග්‍රාමාත්‍ය ජොන්සන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කල අතර කන්සර්වේටිව් පක්ෂ නායකත්වය අත්හැරිය ද ඔහු තවදුරටත් බ්‍රිතාන්‍යයය අග්‍රාමාත්‍ය ධූරයේ රැදී සිටිනු ඇති.

කන්සර්වේටිව් පක්ෂය ඉක්මනින් නව නායකයෙකු පත් කර ගන්නා තෙක් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් තවදුරටත් කටයුතු කරන බවත් නව නායකයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් බොරිස් ජොන්සන් නිවේදනය කළා.

කෙසේවෙතත් කන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙන්ම බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය ද පවසන්නේ බොරිස් ජොන්සන් මේ මොහොතේ දීම අග්‍රාමාත්‍ය ධූරය ද අත්හැරිය යුතු බවයි. ඔහු එසේ නොකරන්නේ නම් ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ද කම්කරු පක්ෂය පවසනවා.

කෙසේවෙතත් පවතින දේශපාලන අර්බුද මධ්‍යයේ වුවත් බොරිස් ජොන්සන් නව කැබිනට් මණ්ඩලයක් පත් කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඒ, කැබිනට් අමාත්‍යවරුන් රැසක් ද ඇතුලුව කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 40 දෙනෙකු මේ වනවිටත් රජයෙන් ඉවත් වී ඇති පසුබිමක් තුලයි.

Neth