Monday, October 28, 2024
Follow Us
ඉන්දියාව ඉලෙක්ට්‍රික් මෝටර් රථවලට මුල්තැන දෙයි

2030 වන විට විදුලියෙන් ධාවනය වන රථ වලට වැඩි ඉල්ලුමක්


2030 වනවිට, ඉන්දියාවේ අලෙවි කරන සියලුම වාහනවලින් 30%ක් පමණ විදුලියෙන් ධාවනය වන රථ බවට පත්කිරීමට රජය සැලසුම් කර ඇත. විශේෂයෙන් රටේ පවතින බහුතරයක් ද්වි-රෝද සහ ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීම ඉන්දියාවේ සැලසුම වී තිබේ. එසේම ඒ වනවිට විදුලි මගී මෝටර් රථ මුළු විදුලි රථ අලෙවියෙන් 5%ක් පමණ වනු ඇතැයිද ගණන් බලා ඇත.

විදුලියෙන් ධාවනය වන මෝටර් රථ භාවිතය ඉහළ නැංවීමේ ප්‍රයත්නයක් ලෙස, රජය විදුලි ත්‍රිරෝද රථ සහ බස් රථ සඳහා තොග ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රියාත්මක කර ඇති අතර කුඩා ප්‍රමාණයේ විදුලි රථ මිලදී ගැනීම් සඳහා ලබාදෙන සහන වැඩි කර තිබේ. එසේම දේශීය විදුලි මෝටර් රථ නිෂ්පාදනය ඉහළ දැමීම වෙනුවෙන් රජය රුපියල් බිලියන 259ක (ඩොලර් බිලියන 3.3ක) ප්‍රතිපාදන වෙන්කර ඇත.

මේ අතර විදුලි ද්වි සහ ත්‍රිරෝද රථ සඳහා රටපුරා බැටරි හුවමාරු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමටද රජය සැලසුම් කර තිබේ. පසුගිය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ රජයේ අයවැය ඔස්සේ සියලුම විදුලි මෝටර් රථවල බැටරි ප්‍රමිතිගත කිරීමේ වැඩසටහනක්ද යෝජනා කර තිබේ.

Aruna