Monday, October 28, 2024
Follow Us
තරුණ තරුණියන්ට නවසීලන්තයේ රැකියා

ක්ෂේත්‍ර කිහිපයක රැකියාවන්ට පුහුණු වැඩසටහන්


මෙරට තරුණ තරුණියන් නවසීලන්තයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීමට තිබෙන හැකියාව පිළිබඳව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ සහ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණි.

ක්‍රිකට්, රග්බි, ටෙනිස්, පාපන්දු සහ මළල ක්‍රීඩා වැනි ක්‍රීඩා ක්ෂේත්‍රවල පුහුණුකරුවන් හා කාර්මික ශිල්පීන්, කිරි ගොවීන් සහ මුල් ළමාවිය අධ්‍යාපන හුවමාරු වැඩසටහන් වල ගුරුවරුන් යන රැකියා ක්ෂේත්‍රවල නියැලෙන්නන් නවසීලන්තයේ පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීමට ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඇමැතිවරයා මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙතෙක් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අයහපත් ක්‍රියාදාමයක්ව පැවැති දේශපාලන මැදිහත්වීම් වළක්වමින් ඉදිරියේ දී රටට පදක්කම් දිනාදීමේ වගකීම ක්‍රීඩා ආයතනවලට භාරදීමට තමන් අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා මෙහිදී පැවසුවේය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමට අවම වශයෙන් වසර පහක පමණ කාලයක් ස්ථාවර සාමාජිකයන් සිටීම අවශ්‍ය බවත් කණ්ඩායම් සාමාජිකයින් වරින් වර වෙනස් නොකර ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ස්ථානය පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට අවශ්‍ය බවත් ඇමැතිවරයා කීවේය.

මෙරට මේ වන විට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බැවින් ක්‍රීඩකයින් සඳහා අරමුදල් ලබාදීම ප්‍රධාන ගැටලුවක් බව පෙන්වා දුන් ඇමැතිවරයා ඒ සඳහා අනුග්‍රාහකයකු සොයා දෙන ලෙස ද මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

Aruna