Monday, October 28, 2024
Follow Us
ශ්‍රී ලංකාවට සහය දෙන බවට IMF යලි තහවුරු කරයි

ශ්‍රී ලංකාවට සහය ලබාදීමට තම කැපවීම යලිත් තහවුරු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. මෙරට සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම පැවසුවේ පවතින දුෂ්කර අවස්ථාවේදී සිය ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවයි.

මෙරට බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අවසානයේ නිවේදනයක් නිකුත් කරමින් එම කණ්ඩායම මේ බව දැනුම් දී තිබෙනවා. මෙරට බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගෙන ඇති බවයි ෂඵත්‍ දූත කණ්ඩායම පෙන්වා දෙන්නේ.

ඔවුන් සමඟ සංවාදය අඛණ්ඩව පවත්වාගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර ඇති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සදහන්. තමන් ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉකුත් දිනවලදී පවතින අර්බුදය හේතුවෙන් මෙරට ජනතාව පත්ව ඇති පීඩාවන් සහ මුහුණ දී ඇති දුෂ්කරතා තම කණ්ඩායමට දැක ගත හැකි වූ බවද ෂඵත්‍ දූත කණ්ඩායම පවසනවා. එම කණ්ඩායම ඉකුත් 20 වනදා සිට අද දිනය දක්වා කාලය තුල මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වුවා.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රමේෂ් පතිරණද පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය සහිතව ඉදිරි මාස කිහිපය තුලදී මෙරටට ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවයි.

Neth