Monday, October 28, 2024
Follow Us
දූෂිත බවට බලයෙන් පහ කළ මාකෝස් පවුල වසර 36 කට පසු යළි පිලිපීනය භාර ගනී

පිලිපීනයේ නව ජනාධිපතිවරයා ලෙස මාර්කෝස් ජූනියර් දිවුරුම්දීමට නියමිතයි. මෙලෙස මාර්කෝස් පවුල යළි පිලිපීනයේ බලයට පත්වන්නේ වසර 36 කට පසුවයි.

මාර්කෝස් ජූනියර්ගේ පියාවූ ෆර්ඩිනැන්ඩ් මාර්කෝර්ස් සීනියර් 1965 සිට 1986 දක්වා බලයේ සිටි අතර ඔහුගේ ධුර කාලයේදී වංචා සහ දූෂණ රැසක් සිදුවූ බවටයි චෝදනා එල්ලවූයේ. ආඥාදායකයෙකුද වූ ඔහු පසුව බලයෙන් පහ කෙරුණේ ජනතාවගෙන් ද එල්ලවූ දැඩි විරෝධය මතයි. ඔහුගේ බිරිඳවූ ඉමෙල්ඩා මාර්කොර්ස්ට ද චෝදනා එල්ලවූයේ අමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න මුදලක් වංචා කළ බවටයි.

ඇගේ සැමියාට බලය අහිමි වන විට ඇය සතුව විශාල මුදල් කන්දරාවක් මෙන්ම කලා නිර්මාණ, රන් ආභරණ මෙන්ම සපත්තු ද 3,000 ක් ද තිබූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එය සැලකුණේ ලෝක ඉතිහාසයේ රජයකින් වාර්තාවූ දරුණුතම මහා මංකොල්ලය ලෙසයි.

එවන් පවුලකින් බිහිවූ මාර්කෝස් ජූනියර් හෙවත් “බොන්ග් බොන්ග්” යළි පිලිපීනයේ ජනාධිපති ලෙස තේරී පත්වන්නේ ඉකුත්දා පැවති මැතිවරණයෙන් සියයට 60 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

Neth