Monday, October 28, 2024
Follow Us
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය යුනිෆිල් හි දූත මෙහෙවරේ ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල්වරයා හමුවට

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය ජූනි 21 වන දින නක්වාරා හි බ්ලූ ලයින් හි පිහිටි යුනිෆිල් (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය) මූලස්ථානයේ දී දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනාධිපති මේජර් ජෙනරාල් ඇරොල්ඩෝ ලාසාරෝ හමුවිය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ (යුනිෆිල්) ශ්‍රී ලාංකීය භට පිරිස් ප්‍රමාණය ඉහළ නැංවීම ඇතුලු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. පසුගිය වසර 11 තුළ යුනිෆිල් වෙනුවෙන් ශ්‍රී ලංකා භට පිරිස් ලබා දුන් විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් බල සේනා ආඥාපති ස්තූතිය පුද කළ අතර තානාපතිනිය වෙත දන්වා සිටියේ යුනිෆිල් හි ශ්‍රී ලංකා භට කණ්ඩායම් සිය කැපී පෙනෙන වෘත්තීයභාවය වෙනුවෙන් ගෞරවය දිනාගෙන ඇති බවයි. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා 13 වන බලසේනා ආරක්ෂණ බලකායේ (UNIFIL( අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් නයන් සමරකෝන් මහතා සහ තානාපති කාර්යාලයේ පරිවාර නිලධාරි ප්‍රියන්ත දසනායක මහතාද සහභාගි විය.

 

තානාපතිනියට යුධ හමුදා ගෞරව ආචාරයක් පිරිනමන ලද අතර ඇය විසින් භට කණ්ඩායම් හා සන්නා සන්නද්ධ රථ පරීක්‍ෂා කිරීමේද නිරතවිය. UNFIL හි රජකාරියේ නිරත කේ 9 (K9) නිල සුනඛ කණ්ඩායමේ සංදර්ශනයක් ද ශ්‍රී ලංකා යුධ හමුදා කැලිප්සෝ තූර්ය වාදක කණ්ඩායම ඉදිරිපත් කළ සංගීත ප්‍රසංගයක්ද පැවැත්විය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2022 ජුනි 28 වෙනි දින

LNW