Monday, October 28, 2024
Follow Us
දුම්වැටි සිල්ලරට අලෙවි කිරීම නවතී ?

මුහුණු පොතෙන් මත්පැන් හා දුම්වැටි ප්‍රවර්ධනයට වැට


විදේශීය රටවල සිට මුහුණු පොත උපයෝගි කර ගනිමින් මත්පැන් සහ දුම්වැටි ප්‍රවර්ධනය කිරීම සඳහා නව නීති රීති සම්පාදනය කරන බව දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

අන්තර්ජාලය ඔස්සේ දේශීයව දුම්වැටි හා මධ්‍යසාර ප්‍රවර්ධනය කිරීම මේ වන විට දේශීයව තහනම් කර ඇත. එහෙත් විදේශීය රටවල සිට දේශීය මත්පැන් ප්‍රවර්ධනය කිරීම වැඩි වී ඇති බැවින් නව නීතිරීති සම්පාදනය කළ බව අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවැසීය.

මේ සඳහා දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත සංශෝධනය කිරීමට නියමිතය. මීට අමතරව දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමේ වයස් සීමාව අවුරුදු 21 සිට 24 දක්වා වැඩිකිරීම සහ සිල්ලරට දුම්වැටි අලෙවි කිරීම නතර කිරීම සඳහාද නීති රීති සම්පාදනය කර ඇති බව සභාපතිවරයා කියා සිටියේය.

Aruna