Monday, October 28, 2024
Follow Us
ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහය පිළිබඳ සොයා බලන්න ඇමරිකානු ඉහල ධූත පිරිසක් හෙට දිවයිනට

එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහල මට්ටමේ ධූත පිරිසක් හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහය පිළිබඳ වඩාත් ඵලදායි ක්‍රම සම්බන්ධයෙන් ගවේශනය කිරීම සඳහා එම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි මෙටර පිහිටි ඇමරිකාන් තානාපති කාර්යාලය නිවේදනය කළේ.

ලබන 29 වනදා දක්වා මෙරට රැදී සිටින එම ඉහල මට්ටමේ ධූත පිරිසට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්‍රොත්, දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර ලේකම් කෙපී කීඩර්ලින්ද අයත්. එම ඉහල මට්ටමේ ධූත පිරිස දිවයිනේ රැදී සිටින කාලය තුල දේශපාලන නියෝජිකයින්, ආර්ථික විශේෂඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් හමුවීමට නියමිතයි.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩොලර් මිලියට 120ක් සඳහාද කිරි කර්මාන්තය සඳහාද ඩොලර් මිලියන 27ක්ද ආර්ථික අර්බුදයෙන් බලපෑමට පත් වූ පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා මානුෂීය ආධාර වශයෙන් ඩොලර් මිලියන 05යි දශම 07යි 05ක් ලබා දෙන බව ඇමරිකාන මීට පෙර ප්‍රකාශ කළා.

ඊට අමතරව අවදානමට ලක්ව සිටින ජනතාව වෙත ජීවනෝපාට ආධාර ලබාදීම සහ ආර්ථික ස්ථායී තත්ත්වයකට ගෙන ඒම සදහා කරන මුල්‍ය ප්‍රතිසංස්කරණවලට තාක්ෂණ සහය ලබාදීමට නව ප්‍රධානයන් ලෙස ඩොලර් මිලියන 06ක ලබා දෙන බව මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සදහන් කළා.

Neth