Monday, October 28, 2024
Follow Us
අවි පාලන පනතක් සම්මත වෙයි

තරුණයන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඇ.ඩො.13ක්


ඇමෙරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් වසර 30කට ආසන්න කාලයක් තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සම්මත කරගත් වැදගත්ම අවි ආයුධ පාලනය පිළිබඳ කෙටුම්පතට අනුමැතිය ලබාදී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පනත් කෙටුම්පතට අවි ආයුධ පාලනය පිළිබඳ සංශෝධිත නීති මාලාවක් ඇතුළත් කර ඇති අතර ඒ යටතේ වයස අවුරුදු 21ට අඩු තරුණයන් හට ආයුධ අලෙවි කිරීමට පෙර ඔවුන්ගේ පසුබිම තදින් පරික්ෂා කර බැලීම මෙන්ම මධ්‍යම රජයේ අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක මුදලක් තරුණ පිරිසගේ මානසික සෞඛ්‍ය පරික්ෂා කර බැලීමේ වැඩසටහන් සඳහා යෙදවීම හා පාසල්වල ආරක්ෂක තත්ත්වය නංවාලීම සම්බන්ධ නීති අන්තර්ගතව පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

Aruna