Monday, October 28, 2024
Follow Us
මෙරට ආර්ථික අර්බුදය විසදා ගැනීමට සහය වන බව ඔස්ට්‍රේලියාව කියයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනෙයිල් පවසනවා. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඇය අද පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව පැවසුවා.

නීති විරෝධි සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් සඳහා “ශූන්‍ය අවකාශය” ඕස්ට්‍රේලියාවේ පෙර පැවති කොන්සර්වේටිව් රජයේ ප්‍රතිපත්තිය වුණා. කම්කරු පක්ෂය නියෝජනය කරන නව රජයේ ප්‍රතිපත්තිය ද එයම බවයි ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය එහිදී සදහන් කළේ.

නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීමට තමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදාව එම පියවරයන් ඉදිරියට ගෙන යමින් ඇති බව එහිදී පැවසුවා.

ඔස්ට්‍රේලියානු රජය නෞකා, තාක්ෂණික සහ ද්‍රව්‍යමය ආධාර සපයමින් ඊට ලබාදෙන සහාය අගය කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දෙරට මනා සබඳතාවයකින් කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් සදහන් කළේ.

Neth