යුක්රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාදක ,අනුවන සහ හිතුවක්කාරී ක්‍රියාවක්, බව රුසියානු ජනාධිපති වැලැද්මිර් පුටින් පවසනවා. ශාන්ත පීටස්බග්හි පැවති ජාත්‍යන්තර ආර්ථික සමුලුවක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික සම්බාදක පනවා සිය රට තලා පෙලා දැමීමට උත්සහ කිරීම අසාර්ථක ක්‍රියාවක් බවයි.
රුසියාවට එරෙහි සම්බාදක හේතුවෙන් යුරෝපා සංගමයට ඩොලර් බිලියන 400ක පමණ පාඩුවක් සිදු වනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සිය රට සූදානම් බවත් බටහිර රටවල ආර්ථික සම්බාදක නොතකා යුක්රේනයේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් රුසියානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
Neth