Tuesday, October 29, 2024
Follow Us
ඇමරිකාවෙන් ඩොලර් මිලියන 120ක ණයක්

ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමට සහ මෙරටට සහය දැක්වීම සඳහා අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමාගම මගින් ණය මුදලක් අනුමත කර ඇතැයි මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළා. එලෙස අනුමත කර ඇති ණය මුදලෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 120 ක්.

වසර 70 ක කාලයක් පුරා අමෙරිකාව මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට සහ ශ්‍රී ලාංකික ජනතාවට සහාය වීම සඳහා විදේශ ආධාර, ණය සහ වෙළඳ අවස්ථා ලබා දී ඇති බවයි එම නිවේදනය හරහා මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසුවේ.

අද අනුමත කෙරුණු ඩොලර් මිලියන 120 ක නව ආයෝජන කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර වෙත කොටස්, රැකියා සහ අනාගතය සකස් කර ගැනීමට උපකාරී වන බැවින් එය පුද්ගලික අංශයට සුබ පණිවිඩයක් වනු ඇති බව ද අමෙරිකානු තානාපතිවරිය පෙන්වා දෙනවා.

ඒ අනුව අදාළ ණය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් මෙරට ප්‍රමඛ පෙළේ පුද්ගලික බැංකුවක් වෙත ඍජු ණය මුදලක් ලෙස ලබාදෙනු ඇති. ඒ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය ලබාදීම පුළුල් කිරීමට සහ මෙරට කාන්තාවන් සතු ව්‍යාපාර සඳහා ලබාදෙන ණය පුළුල් කිරීමේ අරමුණින්.

ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 20 ක මුදල මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගම් 02 ක් වෙත ලබාදීමට නියමිත බවයි මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ.

Neth