Monday, October 28, 2024
Follow Us
ශ්‍රී ලංකාව සමඟ රුසියානු සහයෝගිතාව පුළුල් කරන බව එරට ජනාධිපති කියයි

වෙළඳ, ආර්ථික, සංස්කෘතික හා මානුෂීය ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව රුසියානු ජනාධිපති වැල්ඩ්මීර් පුටින් මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සදහන් කළේ රුසියානු රජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව ගිය මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා සිය අක්ත පත්‍ර පුදානයට එක් වූ අවස්ථාවේදී ය. මෙම අක්ත පත්‍ර පිළිගැන්වීම රුසියාවේ ග්‍රැමි ක්‍රෙම්ලින් මාළිගාවේ ඇලෙක්සැන්ඩර් ශලාවේදී පැවැත්විණ. මෙම අවස්ථාවට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මැතිතුමා සහ රුසියානු ජනාධිපති විදේශ ප්‍රතිපත්ති උපදේශක යූරි උෂාකොව් මහතා ද සහභාගී වූහ. මෙහිදි රුසියානු ජනාධිපතිවරයා මෙසේද පවසා සිටියේ ය.

"විශේෂයෙන් ෂැංහයි සහයෝගීතා සංවිධානයේ කොටසක් ලෙස අපේ රටවල් ජාත්‍යන්තර තලයේ දී නිර්මාණාත්මකව මැදිහත් වන අතර, එහි දී ශ්‍රී ලංකාවට සංවාද හවුල්කරුවකුගේ තත්ත්වය පවතින බවත් ව්ලැඩිමීර් පුටින් අවධාරණය කළේය.

ක්‍රෙම්ලිනයේ පැවති නිල උත්සවයෙන් අනතුරුව, තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා සහ තමරමාලා කන්නන්ගර මැතිනිය තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ හෘදයාංගම සුබ පැතුම් පිළිගත් අතර, එතුමා සිය නිල නිවසේ දී දූත මණ්ඩලයේ කාර්යය මණ්ඩලය පිළිගෙන, ශ්‍රී ලාංකික භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්