Monday, October 28, 2024
Follow Us
කොරෝනා එන්නත් බෙදා ගැනීමේදී දුප්පත් රටවලට අසාධාරණයක් වෙන්න බෑ - WHO

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කළ හැකි ප්‍රතිශක්තීකරන එන්නතක් සම්බන්ධයෙන් ලොව විවිධ රටවල්, විවිධ සංවිධාන පර්යේෂණ පවත්වමින් සිටී. ඇතැම් පර්යේෂණ මේ වනවිට 90% ක පමණ සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

යම් එන්නතක් ලෝකයට හඳුන්වා දුනහොත් එය දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු දෙනාට එක හා සමානව බෙදී යායුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. එසේ සමාන ලෙස රටවල් අතර බෙදා හැරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.3 ක පමණ මුදලක් අවශ්‍ය බවයි ඔහු පවසා තිබෙන්නේ.

ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය වැනි රටවල් මේ වනවිටත් එන්නත් මිලියන ගණන් ඇනවුම් කර ඇති අතර එන්නතක් හඳුන්වා දුන්නද එම එන්නත මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගත නොහැකි රටවල් බහුතරයක්ද සිටී.

(LNW)