Monday, October 28, 2024
Follow Us
ජන්ද ප්‍රතිඵලය, ප්‍රජාතන්ත්‍රවාදයට හොද ලකුණක් නොවෙයි - ඔබාමා කියයි

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ ලකුණක් නොවන බව හිටපු ජනාධිපති බැරක් ඔබාමා පවසා තිබේ.

අපේක්ෂකයින් දෙදෙනාම මිලියන 70කට වඩා ජන්ද ලබා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ සමාජයේ පවත්නා බෙදීම බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

එම බෙදීම ඉතාම ගැඹුරින් සිදුව ඇති බවත් කියා සිටි හිටපු ජනාධිපති ඔබාමා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය අනුව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම අපහසු විය හැකි බවයි.

තමන් ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ජෝ බයිඩන් උප ජනාධිපති ලෙස සාර්ථකව සිය වගකීම ඉටුකළ තැනැත්තෙක් බවට ද හිටපු ජනාධිපතිවරයා කරුණු දක්වා ඇත.

(LNW)