Monday, October 28, 2024
Follow Us
දින 10කට වඩා නගර වහන්න එපා – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රජයට උපදෙස්

කොවිඩ් වසංගතය පාලනය සඳහා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කොට දින 10කට වඩා නගර වසා දැමීම නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රජයට දැනුම් දී තිබේ.

ඒ අනුව දැනට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කටයුතු භාර කාර්යසාධන බලකායට දැනුම් දී තිබේ.

රටේ ආර්ථිකය වඩාත් සක්‍රීය ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා දින 10ක ඇඳිරි නීතියෙන් පසු ලබන 09 වැනි සඳුදා බස්නාහිර පළාත විවෘත කෙරේ. ඉන්පසු ඇඳිරි නීතිය අවශ්‍ය වුවහොත් පනවනු ලබන්නේ පොලිස් බල ප්‍රදේශ මට්ටමින් පමණි.

කෙසේ වුවද රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවල සේවය සඳහා අවම සේවක පිරිසක් කැඳවා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ලෙස තවදුරටත් උපදෙස් දී ඇත.

Deeshaya