Monday, October 28, 2024
Follow Us
අමෙරිකානු ජනාධිපති ඡන්ද සටන තවත් උණුසුම් වෙයි - ජෝර්ජියා ප‍්‍රාන්තයේ ඡන්ද නැවත ගණනය කිරීමේ තීරණයක්

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු තවමත් සිදු වනවා.

ඊයේ රාති‍්‍රය වනවිට ජෝර්ජියා ප‍්‍රාන්තයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු අවසන් අදියරයේ පැවතිය අතර ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් ඉදිරියෙන් සිිටින බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, එරට වත්මන් ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ජෝ බයිඞ්න් අතර ඡුන්ද පරතරය ඉතා සුළු ඡන්ද ගණනක් බැවින්, එම ප‍්‍රාන්තයේ ඡන්ද ගණනය කිරීම් නැවත සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ජෝර්ජියා ප‍්‍රාන්තයේ මිලියන 05 කට අධික ඡන්ද ප‍්‍රමාණයක් තිබුණ ද, එහි ඡුන්ද ප‍්‍රතිඵලය සමස්ත ජනාධිපතිවරණ ප‍්‍රථිඵලයට සෘජුව බලපාන බැවින් එලෙස එහි ඡුන්ද නැවත ගණනය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරයේ ප‍්‍රධාන උපදේශක මැට් මෝගන් පවසන්නේ, ජෝර්ජියා ප‍්‍රාන්තයේ ඡන්ද නිසි පරිදි ගණනය කිරීමකට ලක් කළහොත් ට‍්‍රම්ප්ට ජය හිමි වන බවට විශ්වාස කර බවයි. කෙසේ වෙතත්, ඡන්ද ගණනයේදී අක‍්‍රමිකතා සිදුව ඇතැයි පිළිගත නොහැකි බවයි ජෝර්ජියා ප‍්‍රාන්තයේ ඡන්ද පද්ධති කි‍්‍රයා කරවීමේ කළමණාකරු ගේබි‍්‍රයල් ස්ටර්ලිං ප‍්‍රකාශ කර ඇත්තේ.

(Neth)