Monday, October 28, 2024
Follow Us
පොම්පියෝගේ ‘ප්‍රිඩේටර්’ කතාවට චීන තානාපති කාර්යාලය ලංකාවෙන් යන්න පෙරම උත්තර දෙයි

නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදැසන විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවේදී චීනය ‘යක්ෂයකු’ට සමාන කරමින් සිදුකරන ආක්‍රමණකාරී විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සිදුකළ විවේචනයට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබේ.

මෙහිදී පොම්පියෝ සදහන් කර සිටියේ, “We see from bad deals, violations of sovereignty and lawlessness on land and sea that the Chinese Communist Party is a predator” (“අපි දකිනවා චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින් ආක්‍රමණිකයෙකු ලෙස සිදුකරන අහිතකර ගණුදෙනු, ස්වෛරීභාවයට සිදුකරන බලපෑම් සහ භූමිය/ මුහුද මත කෙරෙන අනීතික මැදිහත්වීම්”) යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලය පහත ටුවිටර් පණිවිඩය නිකුත් කර තිබේ.

‘Sorry Mr. Secretary @SecPompeo , we’re busy promoting #China–#SriLanka friendship and cooperation, not interested in your #AlienVsPredator game invitation. The US can play two roles at the same time as always. (“සමාවෙන්න ලේකම් පොම්පෙයි, චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය නිසා අපි කාර්‍යයබහුලයි. අපි කැමති නැහැ ඔබේ ඔය #AlienVsPredator තරඟයට සහභාගී වෙන්න. එක්සත් ජනපදයට පුලුවන් එකවර ඔය චරිත දෙකටම රඟපාන්න”)’

මෙහි ඇති විශේෂත්වය වන්නේ පොම්පියෝ මහතා ලංකාවෙන් පිටව යාමට පෙරම චීන තානාපති කාර්යාලය මෙම පිළිතුර ලබා දීමය.

(Lanka Leads)