Monday, October 28, 2024
Follow Us
MCC ගිවිසුම ගැන අවසන් තීරණය ශ්‍රී ලංකාව සතුයි – අමෙරිකානු රාජ්‍ය ලේකම්

මතබේදයට තුඩු දී ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු දෙයක් බව මෙරට සංචාරය කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.

නමුත් දෙරට අතර සබඳතාව ශ්‍රී ලංකාව කුමන තීරණයක් ගත්ත ද වෙනස් නොවන බව ඔහු පවසයි.

අද දෙරණ සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ජාවකදී ඔහු මේ බව පැවසීය.

“අප විසින් පිරිනමා ඇති බොහෝ දේ අතුරින් එකත් එකක්. එය නොගැලපේ යැයි ශ්‍රී ලංකාව තීරණය කළහොත් එවිට ශ්‍රී ලංකාව තීරණය කරාවි එය පිළිනොගෙන සිටීමට. අපගේ සබඳතාවේ ශක්තිය, ගැඹුර සහ සංකීර්ණත්වය එක් ගනුදෙනුවකට හෝ එක් අවස්ථාවකට වඩා එහා ගිය එකක්.”

අමෙරිකාව සහ චීනය කටයුතු කරන ආකාරය ගැන ඔහු පැවසුවේ මෙවැන්නකි.

“අමෙරිකාව නිරතුරුවම ඉදිරිපත් කරන්නේ සමාගම්, පෞද්ගලික ආයෝජන, හවුල්කාරීත්වය, සහ මිත්‍රත්වය. අපි රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යවසායකයන් හෝ සමාගම් සමග එන්නේ නෑ. අපි එන්නේ නෑ ණය පැකේජ සමග එම ණය පැකේජ ගෙවන්නත් අමාරුයි. අපි එවැනි ණය භාවිත කරලා රජයන් ට යම් යම් දේ කිරීමට බලපෑම් කරන්නේ නෑ. ඒවා එකිනෙකට වෙනස් මොඩල දෙකක්. එකක් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අනෙක කුරිරු ඒකාධිපති මොඩලයක්.

— Derana —