Monday, October 28, 2024
Follow Us
චීන සබඳතා ගැන ඇමරිකාව ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවයි

ලබන බදාදා (28 දා) ශ‍්‍රී ලංකාවට එන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දීය සාගර කලාපය තුළ චීන විරෝධී ආරක්ෂක ජාලයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ බව සනාථ වූයේ ශ‍්‍රී ලංකාව විසින් චීන සම්බන්ධය ගැන දුෂ්කර තීරණයක් ගත යුතු බව සහකාර රාජ්‍ය ලේකම් ඞීන් හොට්සන් ශ‍්‍රී ලංකා රජයට අනතුරු අඟවා තිබීමයි.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් තොම්සන් වොෂින්ටන් නුවරදී තවදුරටත් පැවසුවේ ශ‍්‍රී ලංකා රජය ඇමරිකාවද නැත්නම් චීනයද යන්න තේරුම් ගත යුතු බවකි.

එහෙත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙම චීන විරෝධී ආරක්ෂක ජාලයට ශ‍්‍රී ලංකාව මැදිහත් නොවී මැදහත් පිළිවෙතක් අනුගමනය කරන බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ආරක්ෂක ලේකම් මාර්ක් එයිනර් ඔක්තෝබර් 26 වැනිදා ඉන්දියාවට පැමිණෙන අතර එහිදී චීන විරෝධී ආරක්ෂක ජාලය ගැන සාකච්ඡුා කෙරෙන බව වාර්තාවී ඇත. මේ අතර ඇමෙරිකානු රජය කඩිමුඩියේම මාලදිවයින සමග ආරක්ෂක ගිවිසුමක්ද අත්සන් කර ඇත.

පසුගියදා චීන රජයේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණ රජය සමඟ සාකච්ඡුා කර අරමුදල් දීම ගැන ද අමරිකාවේ දැඩි අවධානය යොමුවී තිබිණි.

Divaina Irida