Monday, October 28, 2024
Follow Us
ස්කෑන්වලට ද හසු නොවූ අලුත් මිනිස් අවයවය

නෙදර්ලන්ත පර්‌යේෂණ ආයතනයක විද්‍යාඥයන් පිරිසක් විසින් අලුත් මිනිස් අවයවයක් සොයාගනු ලැබ තිබේ. එනම් උගුර ආශ්‍රිතව පිහිටා ඇති අලුත් ඛේට ග්‍රන්ථියකි. මෙතරම් කාලයකට පසු මේ ආකාරයෙන් අලුත් අවයවයක් සොයා ගැනීම බොහෝ දෙනෙකු තුළ විමතියක් ඇති කර තිබෙන ආකාරයක්ද දැකිය හැකි වේ. නෙදර්ලන්තයේ පිළිකා සම්බන්ධ ආයතනයක විද්‍යාඥයන් පිරිසක් තමුන්ගේ මෙම සොයා ගැනීම සම්බන්ධ විස්තර පසුගිය දා Radiotherapy and Oncology නමැති විද්‍යා සඟරාවක පළ කර තිබිණි. ඔවුන් මෙම අලුත් ග්‍රන්ථිය සොයාගෙන ඇත්තේ අහම්බෙන් බවක්ද සඳහන් වේ. මෙම අලුත් ග්‍රන්ථිය නම් කර ඇත්තේ ටියුබරියල් ඛේට ග්‍රන්ථිය නමිනි.

මෙය සාමාන්‍ය ස්කෑන් යන්ත්‍රවලට ද හසු නොවූ අවයවයක් බව සඳහන්ය. මෙතෙක් කලක් එය සොයා ගැනීමට නොහැකි වූයේ ද ඒ නිසා වීමට පිළිවන. කෙසේ නමුත් එය නිරීක්‍ෂණය කිරීමට හැකි වී ඇත්තේ PSMA PET (Prostate-Specific Membrane Antigen -Positron Emission Tomography) නමින් හැඳින්වෙන නව ස්කෑන් තාක්‍ෂණයක් හරහාය.

(Aruna)