Thursday, November 07, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ සහල් පිටිවලින් පාන් හදන වට්ටෝරුව ප්‍රකාශයට පත්කෙරේ

හෙල්දිෆ්ලා -Healthyfla සමාගමේ පර්යේෂණ අංශය විසින් සහල් පිටි පාන් සැදීමේ ක්‍රමය මුල් වරට ප්‍රකාශයට පත්කර ඇත.

ඉදිරියෙදී ලෝක වෙලදපොලේ ඇති වෙතැයි සැලකෙන ආහාර අර්බුදය පිලිබදව තොරතුරු වාර්තා වීමත් සමග දිවයින පුරා බේකෙරි හිමියන් සහ හෙලබොජුන් ආහාර නිශ්පාදකයින් විසින් කරන ලද විමසීම් සැලකිල්ලට ගෙන පාන් සැදීමේ ක්‍රමය ප්‍රකාශයට පත්කිරීමට හෙල්දිෆ්ලා සමාගම තීරණය කර ඇත.

බේකෙරි සදහා දිවයින පුරා සහල් පිටි බෙදාහැරීමේ කටයුතු පිළිබදව සතොස සමාගම සමාගම සහ තවත් සමාගම් කීපයක් සමග සාකච්ඡා කරන බවද එම සමාගම දැනුම් දී ඇත.

http://healthyfla.lk/new_site/index.php/recipes/25-healthyfla-rice-flour-bread

(Lanka Leads)