Tuesday, December 24, 2024
Follow Us
අස්වැසුම නොලැබුණ පවුල් පිළිබඳව සොයා බැලේ

පසුගිය අවස්ථාවේ අස්වැසුම නොලැබුණ පවුල් හෝ පුද්ගලයින් ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔවුනට සාධාරණයක් ඉටු කරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දීය.

සාධාරණ හේතුවක් නොමැතිව අස්වැසුම සහනාධාර නොලැබී ඇත්නම් එම පවුල් සඳහා අස්වැසුම ලබා දීමට රජය දැනටමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

එසේම සමාජ සේවා අමාත්‍යංශයෙන් මේ සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් දැනටමත් පත් කර ඇති බව පැවසු අමාත්‍යවරයාසුදුසුකම් ඇති පුද්ගලයින්ට හෝ පවුල් සඳහා පමණක් මෙම අස්වැසුම සහනාධාර ලැබී තිබෙන්නේ ද යන්න පිළිබඳ  තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබා ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය.