Tuesday, December 24, 2024
Follow Us
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.

මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අනිද්දා (07) දක්වා නිවාස වෙත බෙදාහැරීමේ කටයුතු සිදු කරන අතර ඒ දිනය දක්වා තමන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙකු වේ නම්, ඔහු හෝ ඇය සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට ලිපි බෙදා දීමේ තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගත හැකි බවද රණසිංහ සඳහන් කළේය.