Tuesday, December 24, 2024
Follow Us
අඩු ආදායම්ලාභීන්ට චීන ආධාර යටතේ නිවාස ඒකක 1996ක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා චීන ආධාර යටතේ නිවාස ඒකක 1996ක් ඉදිකිරීමට එකඟ වී ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එම නිවාස ඒකක 1996 අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවත් ඒ අනුව මොරටුවේ නිවාස ඒකක 575ක්, කොට්ටාවේ නිවාස ඒකක 108ක්, දෙමටගොඩ නිවාස ඒකක 586ක්, මහරගම නිවාස ඒකක 112ක් සහ පෑලියගොඩ නිවාස ඒකක 615ක් වශයෙන් ඉදිකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපෘතිය සඳහා මෙරට මුදල් වැය වීමක් සිදුනොවන අතර ඉඩම් පමණක් ලබාදීම සිදුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.