Thursday, November 07, 2024
Follow Us
ධීවරයින්ගේ මාලූතොග කඩිනමින් මිලදී ගැනීමට රුපියල් මිලියන 600 ක් වෙන් කෙරේ

ධීවරයින්ගේ මාලූ තොග කඩිනමින් මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 600 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම, දිවයින පුරා මාලූ බෙදා හැරීමේ ක‍්‍රමානුකූල වැඩපිළිවෙලක් දියත් කිරීමට ද කටයුතු යොදා ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය සදහන් කළේ.

පැවති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම, ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡුාවකදී මෙම තීරණය ගෙන ඇති බව ද අග‍්‍රාමාත්‍ය කාර්යයාලය සදහන් කළා.