රටේ ඇතැම් ප්‍රදේශවල පවතින සහල් හිඟය මහා පරිමාණ මෝල් හිමියන් විසින් කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ, සහල් මෝල් හිමියන් පාලන මිලට වඩා වැඩි මුදලකට සහල් තොග වෙළඳපොළ වෙත මුදා හැරීම මෙම තත්ත්වයට හේතු වූ බවයි.
මෙම තත්ත්වය වැළැක්වීම සඳහා රජය විසින් රට තුළ ඇති වී තොග ගණනය කර අවශ්‍ය සෘජු කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ද විමසීමක් කළා. එම අධිකාරියේ අධ්යක්ෂ පාරිභෝගික හා තොරතුරු, අසේල බණ්ඩාර පැවසුවේ, සහල් සහ වී තොග සඟවන පුද්ගලයින්ට සහ සහල් තොග වෙළඳපොලට නිකුත් කිරීම අඩු කරන පුද්ගලයින් සොයාගෙන, ඔවුන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවයි.
සහල් සඳහා දැනට නියම කර ඇති පාලන මිල ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂවරයා මෙහිදී ප්‍රකාශ කළා.
(Neth)