සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියළු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමෙන් පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේදි කටුනායක ගුවන් තොටුපලේ ක්‍රියාත්මක කළ යුතු වැඩ පිලිවෙල මේ වන විටත් සකස් කර අවසන් බවයි. සෞඛ්‍ය අංශ හා අනෙකුත් අංශ වල එකගතාවය පළ වූ වහාම ගුවන්තොටුපල සියළු මෙහෙයුම් කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කිරීමට රජය සුදානම් බවද ඔහු පෙන්වා දෙයි.
කටුනායක ගුවන් තොටුපලේ අළුතින් ඉදිකෙරුණු පිටවීමේ මහජන පර්යන්තය සහ කටුනායක ගුවන්තොටුපලට නව ප්‍රවේශ මාර්ගය ඇමතිවරයා අතින් අද විවෘත කිරීමට නියමිතව තිබුණි. මැතිවරණ නීතිය නිසා ඇමතිවරයා ඊට සහභාගී වුයේ නැත. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඇමතිවරයා උපදෙස් දුන්නේ තමන් නොමැතිව අදාල විවෘත කිරීම සිදු කරන ලෙසයි. එම විවෘත කිරීම අවසන් වූ පසු කටුනායක ගුවන්තොටුපලට පැමිණි ඇමතිවරයා විවෘත කෙරුණ සංවර්ධන ව්‍යාපෘතීන් දෙක නිරීක්ෂනය කලේය. එහි සිදුවිය යුතු ක්‍රියාකාරකම් පිලිබදවද අදාල නිලධාරීන්ට ඇමතිවරයා උපදෙස් දුන්නේය.
නියමිත පරිදි විවෘත කිරීමේ උත්සවවලට සහභාගී වුයේ මන්දැයි මධ්‍ය වේදී හූ ඇමතිවරයාගේ විමසා සිටියේය. ඔහු කියා සිටියේ මැතිවරණ නීතියට ගරු කරමින් නියමිත පරිදි උත්සවයට සහභාගී නොවූ බවයි. විෂය භාර ඇමතිවරයා වෙත. තමන්ට ඊට සහභාගී වීමට හැකිව තිබුනද නීතිගරුක පුරවැසියෙකු ලෙස සිය හෘද සාක්ෂියට එකගව ඊට සහභාගී නොවූ බවද ඇමතිවරයා කිවේය.
(news.lk)