Thursday, November 07, 2024
Follow Us
කොළඹ කොටස් වෙළඳපොල ඇරුණු ගමන් වැසෙයි

සති 07 කට පසුව කොළඹ කොටස් වෙළඳපොල අද දිනයේදී ගනුදෙනු සඳහ විවෘත කෙරිණි. කෙසේ වෙතත් සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වූ වහාම ගනුදෙනු අත්හිටුවීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට හේතුව මිල දර්ශකවල සීග්‍ර පහළ යාමක් වාර්තා වීමයි.

S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමකි. මේ අනුව දිනය තුළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 10% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද දිනයට ගනුදෙනු තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇත.

අවසන් වරට කොළඹ කොටස් වෙළඳපොල විවෘතව පැවතියේ පසුගිය මාර්තු 20 වැනිදායි.

(LNW)