ඉතා ආකර්ෂණීය මැහුම් කලාවක් වූ මේ ෆෙල්ට් එම්බ්‍රොයිඩරි කලාවේ ඇති විශේෂත්වය වන්නේ ෆෙල්ට් රෙදි මත මසන විසිතුරු මැහුම් රටාය.
කුළුබඩු ලොව රජු ලෙසින් විරුදාවලිය ලත් ගම්මිරිස් මුළුතැන්ගෙට නැතුවම බැරි රසකාරකයකි. මනා ලෙස නඩත්තු කරන ලද ගම්මිරිස් වැල් කිහිපයක් ඔබේ ගෙවත්තේත් පවතී නම්, නිවෙසෙහි වසරකට අවශ්‍ය ගම්මිරිස් අවශ්‍යතාවය එයින් සපුරාගත හැකියි.
අලුත්ම විලාසිතා අනුව හැඩවෙන්නට යොවුන් දියණියන් හරිම කැමැතියි. අලුත් ඇඳුමකින් හැඩවෙන විට ඊට ගැළපෙන ආකාරයෙන් ආභරණ පළඳින්නත් ඔවුන් හරිම උනන්දුයි.
පසුගිය සතියේ අපි බතික් පාඩමෙන් ප්‍රෝෂන් ඩයි සහ වැට් ඩයි ක්‍රමයට ගවුමක් නිර්මාණය කර ගන්නා ආකාරය පැහැදිලි කර දුන්නෙමු.
පසුගිය සතියේ අපි ඔබට ප්‍රෝෂන් ඩයි (Reactive Dye) ක්‍රමය ගැන සහ එමඟින් බතික් නිර්මාණයක් සිදු කරගන්නා ආකාරය පැහැදිලි කර දුන්නෙමු.
කොරෝනා වසංගතය දැඩිව හිස එසවීමත් සමඟම ආයෙමත් අපි හැමෝම නිවෙස් තුළටම කොටුවෙලා. අත්‍යවශ්‍ය ගමනක් බිමනක් හැරුණු කොට බොහෝ දෙනකු තම රැකියා කටයුතුවල පවා නියැලෙන්නේ නිවෙස් තුළ සිටමයි. ඒනිසාම ඔබට මේ දිනවල කාල වේලාවේ නම් යම් ඉතිරියක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
අසිරිමත් තෙමඟුල සිහි ගැන්වීම සඳහා බෞද්ධයන් වන අප විවිධ පිංකම් සිදුකරන්නෙමු. එහිදී සිල්සමාදන් වීම, දානාදී පිංකම් සිදුකිරීම වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විවිධ දේ පූජා කිරීමටත් ඔබ සැදී පැහැදී සිටින බව අපි දනිමු.
ඒ ෆෝ කොළ යොදා ගනිමින් හරිම පහසුවෙන් වගේම අඩු කාලයකින් සාදාගතහැකි ලස්සන වෙසක් සැරසිල්ලකිං
අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඔබ අතින්ම නිර්මාණය කරගත හැකි තවත් අපූරු වෙසක් කූඩු නිර්මාණයකි මේ. බලන්න, මෙවැන්නක් හරිම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් නේද කියා.
ආරාධනා පතක් නිර්මාණය කරද්දී එය සරලව නමුත් අලංකාර ලෙස නිමවා ගන්නයි වැඩි දෙනාගේ කැමැත්ත. විශේෂයෙන්ම මංගල ආරාධනා පතක් නම් එහි අලංකාරය විශේෂිතයි. මෙහි දැක්වෙන්නේ එලෙස සරලව, අලංකාරයෙන් අනූන ලෙස නිමවා ඇති ඇරැයුම් පතකි. මෙය මංගල ආරාධනා පතකට වේවා වෙනත් ඕනෑම උත්සව අවස්ථාවකට ගළපා ගැනීමට හැකියි. අපි බලමු එය පර්ගමානෝ කලාවෙන් කෙලෙස ද නිර්මාණය කරන්නේ කියා.
බතික් කලාවට ආදරය කරන ඔබ වෙනුවෙන් අප ඉදිරිපත් කරන මේ පාඩම් මාලාවට පාඨක ඔබෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළය.
Page 21 of 25