Tuesday, December 24, 2024
Follow Us
කෙසෙල් මුව බැදුම

වැඩි දෙයක් නැතිව ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසපි එකක් පහසුවෙන් හදා ගන්න පුළුවන් වගේම හරි ම රසක් ගෙන දෙනවා.
 
අවශ්‍ය ද්‍රව්‍ය
 
රට ළුණු ගෙඩි 3,4
රට කජු 100g
හාල්මැස්සන් ටිකක්
කරපිංචා ඉත්තක්
මුරුංගා කොළ ටිකක්
වේලිච්ච මිරිස් කරල් 5, 6
සුදු ළුණු ගෙඩියක්
 
කෙසෙල් මුව කපා ලුණු වතුරට දමා හොඳින් මිරිකා ගන්න
මේ සියල්ලම වෙන වෙනම බැද ගන්න.
⁣භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමා කෑලි මිරිස් මේස හැදි දෙකක් දමා ටිකක් බැද ගන්න .
ලිපෙන් බා ගෙන එකටම සීනි ටිකක් , ලුණු අවශ්ය තරමට දමා හොඳින් කලවම් කරගන්න ..
ඊට පස්සේ බැඳ ගත්ත සියලුම දේ දමා හොඳින් කලවම් කරගන්න ..
- ලලනි නිශා .