Tuesday, December 24, 2024
Follow Us
මුළු ඇඟම හැඩ කරන අඩු වියදම් සත්කාර

කාන්තාවක් හා රූපලාවණ්‍ය යනු එකිනෙකට බැඳී පවතින්නකි. ඇයි මේ කාන්තාවක් රූපලාවණ්‍ය ගැන හිතන්න ඕනේ? රූපලාවණ්‍ය කියන්නේ ලස්සන කියන එකම නොවෙයි. නීරෝගිකම හා පිරිසුදුකම අතර බැඳිල තියෙන දෙයක්. කාන්තාවක් තමන්ගේ ස්වාභාවික රූසපුව ලස්සන කරගන්න තමයි අවධානය යොමු කරගන්න ඕනේ. ගොඩක් දෙනෙක් මෙහිදී හිතන්නේ අත් මුහුණු පමණක් ලස්සන වුණාම ඇති කියලා. නමුත් හිසේ සිට පාදාන්තය දක්වාම ලස්සන කියන දේ, පිරිසුදුකම, නීරෝගිකම තිබිය යුතුයි.

පොදුවේ අපි ලස්සන වෙන්නෙ, රූපලාවණ්‍ය රැක ගන්ෙන කොහොමද කියලා අද අපි බලමු. සම, හිසකෙස්, නියපෙළ, දත් මේ හැමදේම ගැන අපි ඉතාමත් සැලකිල්ලෙන් සිතිය යුතුයි. අපි මේ දේවල් එකිනෙක සලකා බලමු.

සම

සම ගැන කතා කළොත් සමට සිදුවන විවිධ බලපෑම් නිසා අවලස්සන ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙය බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක්. මෙයට බලපාන්නෙ වැරදි සෞඛ්‍ය පුරුදු වෙන්න පුළුවන්. ජලය පානය අඩු වීම, මොයිස්චරයිසර් භාවිත නොකිරීම, භාවිත කරන සබන්, බොඩිවොෂ් වගේ රසායනික ද්‍රව්‍ය වැඩිපුර භාවිත කිරීම මේ කරුණුවලට හේතු වෙන්න පුළුවන්. සම වියළීමක් නිසා රැලි වැටීම පිග්මන්ටේෂන් වැනි ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ නිසා සමෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීම් මඟින් වයසට යාම වළක්වාගන්න පහසුවෙන්ම පුළුවන්. ඒ වගේම සම රැක ගන්න නම් ස්ක්‍රබ් කිරීම හොඳ මොයිස්චරයිස් භාවිත කිරීම, සතියකට වරක් ස්වාභාවිකව ගෙදරදීම ආලේප කිරීම කළ යුතුයි. ඕනෑම සමකට සුදුසු පැක් එකක් ගෙදරදීම මේ විදිහට සාදා බලන්න.

අවපැහැ ගැන්වී ඇති තැන් නැති කරගෙන ලස්සන නීරෝගි සමක් ලබා ගන්න භාවිත කරන්න පුළුවන් ස්ක්‍රබ් කිහිපයක්

කෝපි කුඩු මේස හැඳි 1ක්

සීනි මේස හැඳි 1ක්

වතුර මේස හැඳි 1ක්

මේ සියල්ල හොඳින් මිශ්‍ර කර උකු මිශ්‍රණයක් සාදාගෙන එය මුළු සිරුරේම ස්ක්‍රබ් කරන්න පුළුවන්.

තේ කුඩු (පාවිච්චි කර ඉවත් කරන) අවශ්‍ය පමණට ගෙන ශීතකරණයේ තබා සිසිල් වන්නට හරින්න.

මේ මුළු සිරුරම ස්ක්‍රබ් කිරීමට පුළුවන්, සමේ තෙතමනය රැක ගනිමින් දුර්වර්ණතා ඉවත් කරන්න පුළුවන් ස්වාභාවික සත්කාරයක්.

හිසකෙස්

කාන්තාවකගේ නීරෝගි පෙනුම මුලින්ම පෙනෙන තවත් අංගයක් තමයි කෙස් කළඹ. මේ නීරෝගි කෙස් කලඹක් ලබා ගන්න නම් කොණ්ඩය අගිස් පැළීමක් නැති, දිදුලන පෙනුමක් සහිත වෙන්න ඕනේ. නිතරම ස්නානය කිරීම හා ගැළපෙන ෂැම්පු කන්ඩිෂන් භාවිත කිරීම වගේම මේ ෂැම්පු කන්ඩිෂන්වලට වඩා ස්වාභාවික දේ යොදා ගැනීමට හැකි නම් ඉතාමත් වැදගත් වෙනවා.

හිසකෙස් පෝෂණයෙන් යුතුව තියාගන්න ගෙදරදීම මේ ක්‍රමය කරලා බලමු.

උළු හාල් කෝප්ප 1/4ක්

බිත්තරයක්

උළුහාල් රැයක් පෙඟෙන්නට හැර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එයට බිත්තරය දමා කලවම් කර ගන්න.

මුළු හිස පුරාම හොඳින් ගල්වා පැයක් පමණ තබා සෝදා ඉවත්කර ගන්න. මෙය සතියකට දෙසැරයක් පමණ කිරීමට හැකි නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නීරෝගි කෙස් කළඹක් ලබා ගන්න පුළුවන්.

දෑත් දෙපා

දෑත් දෙපා කාන්තාවකගේ පිරිසුදුකම මනින ප්‍රධාන අංගයන් වෙනවා. එහෙත් ඔබේ අවධානය යොමු වෙනවා අඩුයි. මුහුණ ගැනම කොතරම් සැලකිලිමත් වුවත් අපි දෙපා ලස්සන කරගන්න උත්සාහ ගන්නෙ නැහැ. නමුත් මුළු ශරීරයෙම දරාගෙන සිටින එදිනෙදා කරන වැඩවලදී භාවිත කරන අවයව තමයි දෑත් සහ දෙපා. ඉතින් මේ දෙපා, දෑත් දවස් දෙකකට සැරයක් හෝ ලුණු මිශ්‍රව උණු වතුර භාජනයකට දමා දෙපාවලට සැහැල්ලුවක් (Relaxation එකක්) ලබාදීම ඉතාමත් වැදගත් වෙනවා. කුඩා බුරුසුවක් අරගෙන නියපොතු පිරිසුදු කර ගැනීම වගේම නි‍ෙවසේදීම තිබෙන ලුණු දෙහි වගේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් ස්ක්‍රබ් එකක් කිරීමෙන් දෙපා නීරෝගි මෙන්ම පිරිසුදු තබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ වගේම තමයි අත් යට කළු වීම, අනවශ්‍ය රෝම වගේ ප්‍රශ්නය හැමෝටම බලපානවා. කාන්තාවගේ ලස්සන බොහෝ විට නැතිවෙලා යන්නේ මේ කරුණු නිසා. අත් නැති ඇඳුමක් අඳින්න පහසුයි. ඒත් අත් යට අවලස්සන පෙන්නුම් කරනවා නම් දකින අයට ප්‍රසන්න හැඟීමක් ඇති නොවෙන්න පුළුවන්.

ලස්සන ඇඳුමක් අඳින්න තෝරගන්න පසුබට නොවී ඉතින් අපිත් අපේ අත් යට සුන්දරව තියාගන්න මේ ක්‍රමය කරමු.

ලුණු මේස හැඳි 1ක්

යෝගට් කප් 1ක්

ලුණු සමඟ යෝගට් එක තරමක් මිශ්‍ර කරගන්න.

දෑත් දෙපාවල ආලේප කර විනාඩි 20ක් පමණ තබා හොඳින් ස්ක්‍රබ් කරමින් ඉවත් කරන්න.

වියළීමකින් තොරව සුන්දර දෙපා යුගළක් ලබා ගන්න මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් පුළුවන්.

මේ දේවල් විතරක් නෙමෙයි. තව කරුණු බොහොමයක් ගැන කාන්තාවන් විදිහට අවධානය යොමු කරන්න ඕ‍ෙන. නිතරම ඇහිබැම සකස් කිරීම, මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම වගේ කාරණා ගැනත් සැලකිලිමත් වියයුතුමයි. මේ සියලු කාරණා සම්පූර්ණ වූ විට සුන්දර රූ සපුවකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන් වෙනවා.

tharunie