දඟකාර තාරුණ්‍යයේ පසුවන තරුණ ඔබට හැඩට අඳින්නට ලස්සන ගවුමකි. මුද්‍රිත ඇදෙන සුලු රෙදි වර්ගයකින් මසා ඇති මේ ගවුම ළඟ එන උත්සව සමයේ හැඩවෙන්නට කදිමයි. බලන්න, ඔබේම අතින් මෙය මසාගන්න.
අපි කවුරුත් කුසගිනි නිවා ගන්නට විවිධාකාරයේ ආහාර ලබා ගන්නෙමු. එහිදී ආහාරයේ රුචිකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර ආහාරයක රසය සේම සුවඳ ද මේ රුචිකත්වය වැඩි කිරීමෙහිලා සමත් වේ.
නත්තල කිතුනුවන්ට සුවිශේෂයි. විශේෂයෙන්ම පොඩිත්තන්ට එය සතුට ගෙන දෙන අවස්ථාවක්. හැමෝම වටකරගෙන නත්තල් ගස් සරසලා සතුටෙන් ඉන්නවා නම් පොඩිත්තන්ගේ සතුට උතුරා යනවා. ඒ වගේම නත්තල් සුබ පැතුම් පත් ලැබෙන එකත් අසීමිත සතුට ගෙන දෙන දෙයක්.
ජීවනි වගේ දියුණු වෙන්න ඔබත් කැමැති ද?
දේශීය රසකාරක භෝග වගාව
වැනිලා වගාවෙන් දිවිමඟ ජයගත් ගම්පොළ ජීවනි කුමාරි
ආහාරයක් රසවත් සේම සුවඳවත් කරන්නට රසකාරකවලින් ලැබෙන්නේ අපූරු දායකත්වයකි. ඒනිසාම ආහාර පිසීමේදී රසකාරක එහෙමත් නැත්නම් කුළුබඩු අපට නැතුවම බැරිය.
උඩවැඩියා එහෙමත් නැතිනම් ඕකිඩ් යනු නේක වර්ණ රටා පිරුණු සොඳුරු මල් ලෝකයේ ආඩම්බරකාරියයි. සිය දැකුම්කලු පෙනුමෙන් බොහෝදෙනකුගේ නෙත සේම සිත ද දිනාගත් ඕ ගෙමිදුලට රැගෙන එන සුන්දරත්වය පුදුමාකාරය.
අපේ මුළුතැන්ගෙය රසයෙන් මෙන්ම සුවඳින් ද පුරවාලන තවත් රසකාරකයකි එනසාල්. ආහාර රසගන්වන්නට නැතිවම බැරි මේ එනසාල් එහෙමත් නැතිනම් වැඩි දෙනකු දන්නා හඳුනන කරදමුංගු ජනප්‍රියව ඇත්තේ කුළුබඩු ලොව අග රැජන ලෙසිනි.
සිරුරේ නම්‍යශීලීබව වර්ධනය කරයි
ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි
ඇස් පෙනීම වැඩි දියුණු කළ හැකියි
දූදරුවන් වෙනුවෙන් බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරන්න හිතන ආදරණීය මව්වරුන් වෙනුවෙන් අපි අගනා තිළිණයක් මෙලෙස ගෙන එන්නෙමු.
විදුලි බලය අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වෙලා. රාත්‍රියට නිවෙස ආලෝකවත් කරන්න විතරක් නොවෙයි අද වනවිට අපේ ජීවිතය පවත්වාගෙන යාමට උදව්කරන බොහෝමයක් උපකරණ ක්‍රියාත්මක වන්නේ විදුලියෙන්.
තමන්ගේ සිහින නිවහන අංග සම්පූර්ණ ලෙස ඉදිකරගෙන පදිංචි වුණාම ‘ නිවන් ගියා වගේ ‘යැයි බොහෝ දෙනෙක් කියන්නේ ඒ තරම් හිතට සැනුසුමක් දෙන දෙයක් තවත් නැති නිසා. ඒත් කාලයක් ගත වෙද්දී ඇතිවන පුංචි පුංචි අඩුපාඩු නිවැරැදි කර නොගත්තොත් ලොකු අනතුරු වීමටත් ඉඩ තිබෙනවා.
ගේ දොර ලස්සනට තියාගන්න අම්මා වගේම දූත් කැමැතියි. ඒ නිසා අම්මට වගේම දෝණිටත් පහසුවෙන් කළ හැකි අත්කමක් මෙලෙස ගෙන එනවා.
කාන්තාවකට ගෘහණියකගේ භූමිකාව නිතැතින් ම වාගේ හිමියි. සමාජයේ මොනතරම් වැජඹෙන රැකියාවක නියුතු වුවත් නිවෙසේ දී ඇය බොහෝවිට ගෘහණියක්මයි. ඉතිං ගෘහණියක් නිවෙසේ වැඩිපුරම ගැවසෙන්නේ මුළුතැන්ගෙයි.
හෝල්ඩර් හෝ ප්ලග් බේස් සවි නොකර සක්‍රීය විදුලි ධාරා සහිත වයර් අනාරක්ෂිතව තබන්නට එපා.
Page 16 of 25