Saturday, January 04, 2025
Follow Us
සිංහල කිරිබත

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු හෝ රතු කැකුළු සහල් කිලෝ 01ක්

මිටි කිරි අඬු කෝප්ප 06ක්

අවශ්‍ය පදමට ලුණු

අවශ්‍ය තරමට වතුර

01. සහල් හොඳින් සෝදාගන්න. එයට අවශ්‍ය තරමට (සාමාන්‍යයෙන් අතේ මැද ඇඟිල්ලේ දෙවැනි පුරුක ළඟට එන තුරු) වතුර තියන්න. අවශ්‍ය පදමට ලුණුද එයටම එකතු කර බත හොඳින් පිසගන්න.

02. හොඳින් බත පිසී අවසන් වූ පසු එයටම කිරි ටික දමා හොඳින් කලවම් කරන්න.

03. පිසුණු බතට හොඳින් කිරි අල්ලා ගත් පසු බන්දේසියකට දමා තුනී කර නිවෙන්නට හරින්න.

04. නිවුණු පසු කිරිබත් හැඩයට කපා සුදුසු බඳුනක තබා කෑම මේසෙට තබා පිළිගන්වන්න.

Tharunie